ඔස්ටේ්‍රලියානුවන්ගේ කොවිඩ් බිය පහළට – AusLanka TV – Australian News for the Sri Lankan community

ඔස්ටේ්‍රලියානුවන්ගේ කොවිඩ් බිය පහළට

ඔස්ටේ්‍රලියානුවන්ගේ කොවිඩ් බිය පහළට

ඔස්ටේ්‍රලියානු පවුල් අතුරින් සියයට 62 ක් පසුගිය සති 04 තුළදී අවම වශයෙන් එක් අවස්ථාවකදී හෝ කොවිඩ් පරීක්ෂණයක් සිදුකර ඇතැයි නවතම අධ්‍යයනයක් හෙළිකර තිබෙනවා.

සංඛ්‍යාලේඛණ කාර්යාංශය සඳහන් කලේ එය මාර්තු මාසයේදී සියයට 46 ක් ලෙස පැවති බවයි.

මෙම පවුල් අතුරින් සියයට 23 ක එක් කොවිඩ් ආසාධිතයෙකු හෝ හඳුනගෙන තිබු අතර මාර්තු මාසයේ එය සටහන්ව තිබුණේ සියයට 14 ක් ලෙසයි.

ඔස්ටේ්‍රලියානුවන් මුහුණු ආවරණ පැළඳීම සීඝ්‍රයෙන් පහළගොස් ඇති ආකාරයක්ද මෙම සමීක්ෂණයේදී අනාවරණය වුණා.

පෙබරවාරි මාසයේදී සියයට 98 ක් ජනතාව මුව ආවරණ භාවිත කර ඇති නමුත් අප්‍රේල් මාසය වනවිට එය සියයට 78 ක් දක්වා පහළ ගොස් තිබෙනවා.

ඊට සමගාමීව දෑත් පිරිසිදුකාරක භාවිතයද පහළයාමකුයි වාර්තා කර ඇත්තේ.

COMMENTS