LTTE ත්‍රස්තවාදය පරාජය කර අදට වසර 13 ක්

තිස්වසරකට අධික කාලයක් ශ්‍රී ලංකාවේ පැවති එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කර අදට වසර 13 ක් සපිරෙනවා.

නැගෙනහිර ගොවි ජනතාව වෙනුවෙන් 2006 වසරේ ජූලි 21 වැනිදා මාවිල්ආරු සොරොව්ව මුදාගැනීමට ආරක්ෂක හමුදා දියත් කළ මෙහෙයුම ඊළාම් යුද්ධයේ අවසන් සටනේ ආරම්භයයි.

දෙමළ ජනයා මිනිස් පළිහක් ලෙස භාවිත කරමින් තම ජීවිතය ආරක්ෂා කරගැනීමට කොටි නායක වේලූපිල්ලේ ප්‍රභාකරන් දැරූ නින්දිත උත්සාහය පරාජය කිරීමට ආරක්ෂක අංශ සමත්වුණා.

ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් ලොව විශාලතම ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ අභියෝගයද සාර්ථකව ජයගනිමින් යුද්ධය අවසන් කලේ 2009 වසරේ අද වැනි දිනයකදියි.

එදින පෙරවරුවේ මුලතිවු නන්දිකඩාල් කලපුව ආසන්නයේ තිබී වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ මළ සිරුර සොයාගෙන තිබුණා.

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »