රිය ධාවනයේදී දුරකථන භාවිත කරන රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ වැටලීමක් – AusLanka TV – Australian News for the Sri Lankan community

රිය ධාවනයේදී දුරකථන භාවිත කරන රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ වැටලීමක්

රිය ධාවනයේදී දුරකථන භාවිත කරන රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ වැටලීමක්

රිය ධාවනයේදී ජංගම දුරකථන භාවිත කරන රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ වැටලීමක් ආරම්භ කිරීමට දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත පොලිසිය පියවර ගෙන තිබෙනවා.

සමස්ත ප්‍රාන්තය පුරා එය ක්‍රියාත්මක කෙරෙනු ඇති.

මාර්ග අනතුරු රැසකට හේතුව රිය ධාවනයේදී ජංගම දුරකථන භාවිතය බවට අනාවරණ වීමත් සමගයි ප්‍රාන්ත පොලිසිය විසින් මෙම වැඩපිළිවෙල ආරම්භ කර ඇත්තේ.

2015 සිට 2019 දක්වා දකුණු ඔස්ටේ්‍රලියාවේ සිදුවු රිය අනතුරු මරණවලින් සියයට 43 ක් සහ බරපතල තුවාල සිදුවීම්වලින් සියයයට 48 කට හේතුව ජංගම දුරකථන භාවිතය බව අනාවරණය කරගැණුනා.

මීට පෙර එක් අවස්ථාවකදී මෙම චෝදනාවට අදාළව රියදුරන් 459 දෙනෙකු එක් සතියකදී පොලිස් භාරයට ගෙන තිබුණා.

COMMENTS