
වික්ටෝරියා ප්‍රාන්තයේ ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා ආධුනිකයන් 300 දෙනෙකු බඳවාගැනීමට තීරණය කර තිබෙනවා.
ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් පැවසුවේ සේවක හිගය මගහරවාලීමේ එක් පියවරක් ලෙස එය ක්‍රියාත්මක කරන බවයි.
ඇතැම් ඉදිකිරීම් ව්‍යාපෘති තවදුරටත් කරගෙන යාමට නොහැකි තත්වයක් උදාවී ඇති බවද ඔහු සඳහන් කලා.

ඊට හේතුව වන්නේ කොවිඩ් ඇතුලු කරුණු කිහිපයක් හේතුවෙන් දැඩි සේවක හිගයක් නිර්මාණය වී තිබීමයි.
මෙම ආධුනිකයන් 300 දෙනා සමස්ත වික්ටෝරියා ප්‍රාන්තය පුරා අනුයුක්ත කෙරෙනු ඇති.

COMMENTS