“මම නීලකාස හොරෙක්” – උදයංගගේ ආන්දෝලනාත්මක හෙළිදරව්ව මෙන්න – AusLanka TV – Australian News for the Sri Lankan community

“මම නීලකාස හොරෙක්” – උදයංගගේ ආන්දෝලනාත්මක හෙළිදරව්ව මෙන්න

“මම නීලකාස හොරෙක්” – උදයංගගේ ආන්දෝලනාත්මක හෙළිදරව්ව මෙන්න

තම ජීවිතයට යම් අනතුරක් සිදු වුවහොත් ඊට ජනාධිපතිවරයා සම්පූර්ණයෙන් වගකිව යුතු බව රුසියාවේ හිටපු තනාපති උදයංග වීරතුංග පවසනවා.

නිවස ගිනි ගතහොත්, සුදුවෑන් රථයක් තමා සොයා පැමිණියහොත් හෝ හදිසියේ අත්අඩංගුවට පත් වීමක් වැනි දෙයක් සිදු වුවහොත් එය සිදු වන්නේ ඔහු විසින් දැනුවත්ව හෝ නොදැනුවත්ව දෙන උපදෙස් මත බවයි උදයංග වීරතුංග නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

සිය ජීවිත ආරක්ෂාව පතා ඔහු අදාල නිවේදනය නිකුත් කර තිබෙනවා.

බස් රථයක් ආරක්ෂා කර ගැනීමට නොහැකි, සිය දෙමව්පියන්ගේ සොහොන ආරක්ෂා කරගත නොහැකි ජනාධිපතිවරයා රටත් ජනතාවත් ආරක්ෂා කරන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කරනවා.

උදයංග වීරතුංග මෙම නිවේදනය නිකුත් කරන්නේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග ආන්දෝලනාත්මක සම්මුඛ සාකච්ඡාවක් සිදුකිරීමෙන් අනතුරුවයි.

එම විඩියෝ පටය මේ වනවිට චමුදිතගේ යූ ටියුබ් නාලිකාවෙන් ඉවත් කර තිබෙනවා.

තමන් නීලකාස හොරෙකු බවත් මිග් යානා ගණුදෙනුවට තම සම්බන්ධයෙන් වැරැද්දක් නොමැති බවත් උදයංග වීරතුංග එහිදී පවසා තිබුණා.

අදාළ සම්මුඛ සාකච්ඡාව මේ වනවිට ඔහුගේ ෆේස්බුක් පිටුවේ පළකර තිබෙනවා.

VIDEO : https://fb.watch/d2JSbIkMQD/

COMMENTS