රනිල් – මහින්ද දෙදෙනාම ඉතිහාසයේ පළමු වරට අද ආණ්ඩු පක්ෂයේ – AusLanka TV – Australian News for the Sri Lankan community

රනිල් – මහින්ද දෙදෙනාම ඉතිහාසයේ පළමු වරට අද ආණ්ඩු පක්ෂයේ

රනිල් – මහින්ද දෙදෙනාම ඉතිහාසයේ පළමු වරට අද ආණ්ඩු පක්ෂයේ

නව අග්‍රාමාත්‍යවරයා පත්වීමෙන් පසු පළමු පාර්ලිමේන්තු රැස්වීම අද පෙරවරු 10 ට ආරම්භ වීමට නියමිතයි.

මෙතෙක් විපක්ෂයේ අසුන්ගෙන සිටි රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සමග ආණ්ඩු පක්ෂයේ, අග්‍රාමාත්‍යවරයාට හිමි ආසනයේ අසුන් ගැනීමට නියමිතයි.

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපතිවරයෙකු ද වන බැවින් ආණ්ඩු පක්ෂයේම ඉදිරිපෙල ආසනයක් ඔහුට හිමිවනු ඇති.

අද දිනයේදී පාර්ලිමේන්තුවේදී ප්‍රථමයෙන් නියෝජ්‍ය කතානායක ධුරය සදහා මන්ත්‍රීවරයෙකු පත් කර ගැනීමට නියමිතයි.

ඒ සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ සහ සමගි ජනබලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිනි කුමාරි විජේරත්නගේ නම් යෝජනා වී තිඛෙනවා.

COMMENTS