Search

වික්ටෝරියා මාර්ග රේඛා ලුමිනස් පැහැයෙන් ගල්වයි

වික්ටෝරියා ප්‍රාන්තයේ මාර්ග අනතුරු හේතුවෙන් සිදුවන මරණ සහ බරපතල තුවාල සංඛ්‍යාව අවම කිරීමට ප්‍රාන්ත රජය සහ ෆෙඩරල් රජය එක්ව නව ව්‍යාපෘතියක් අත්හදා බලා තිඛෙනවා.

මාර්ග සංඥා එළිවල රතු සහ කොළ පැහැය අතර වර්ණය වෙනස් කරන භූමිය මතුපිට ක්‍රියාත්මක වන අංගයක් මීට අයත්.

මාර්ගය හරහා ගමන් කිරීම ආරක්ෂිත වන විට එය පදිකයින්ට පැහැදිලි සංඥාවක් සැපයීම විශේෂත්වයක්.

රියදුරන්ට මාර්ගයේ ඇති රේඛීය සලකුණු හෝ සංඥා දැකීම පහසු කරවීම පිණිස මාර්ග රේඛා ලුමිනස් පැහැයෙන් ගලවා වැඩි දීප්තියක් යෙදවීමටද පියවර ගෙන තිඛෙනවා.

අඩු දෘශ්‍යතා තත්ත්වයන් සහිත නුහුරු නුපුරුදු මාර්ගවල රිය පැදවීමේදී මෙය වඩා ප්‍රයෝජනවත් වන බවයි වික්ටෝරියා ප්‍රාන්ත රජය පෙන්වා දෙන්නේ.

වික්ටෝරියා පොලිස් අත්අඩංගුවේ සිටියදී රැඳවියෙක් Cyanide කා මරුට

අත්අඩංගුවට ගැනීමට යාමේදී Cyanide පානය කර මියගිය පුද්ගලයාගේ මරණය වැළැක්විය නොහැකි එකක් බව වික්ටෝරියා ප්‍රාන්තයේ මරණ පරීක්ෂකයෙකු තහවුරු කර තිබෙනවා.

Read More »