
COVID-19 ආසාදනය වීම හේතුවෙන් ඡන්ද මධ්‍යස්ථානයකට පැමිණීමට නොහැකි ඡන්දදායකයින්ට මැයි 18 සවස 6 දක්වා තැපැල් ඡන්දය සඳහා අයදුම් කළ හැකිය.
බදාදා සිට COVID-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කරන අයට දුරකථනයෙන් ඡන්දය ප්‍රකාශ කළ හැකිය.
ඔවුන් ඔවුන්ගේ ධනාත්මක PCR ප්‍රතිඵලයේ දිනය සහ වේලාව හෝ ඔවුන්ගේ RAT පරීක්ෂණයේ serial අංකය සැපයීමට අවශ්‍ය වේ.

Northern Territory යේ කොවිඩ් එන්නත් නොලද හෝ අර්ධ වශයෙන් එන්නත් කරන ලද සමීප ආශ්‍රිතයින් මුව ආවරණයක් පැළඳ වෙනත් අයගෙන් මීටර් 1.5 ක දුරක් පවත්වා ගන්නේ නම් මැතිවරණ දිනයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිරෝධයනයෙන් පිටතට පැමිණිය හැකිය.
අනෙකුත් ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත සහ ටෙරිටරි මෙන් නොව, කොවිඩ් එන්නත් නොකළ සහ අර්ධ වශයෙන් එන්නත් කරන ලද සමීප ආශ්‍රිතයින් තවමත් Northern Territory හි නිරෝධායනය වීමට අවශ්‍ය වේ.

-SBS/Australian electoral commission
COMMENTS