ජනපතිට ඉල්ලා අස්වන්නැයි කැන්බරා මහකොමසාරිස් කාර්යාලය අසල විරෝධතා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට හා ඔහුගේ ක්‍රියාකලාපයන්ට එරෙහි තවත් උද්ඝෝෂණයක් මැයි මස 15 වන දින ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී පැවැත්වින.

මෙහිදී වත්මන් රජය අරගලයේ ඉල්ලීම් ඉටු නොකිරීම හා ජනතාවට ඇහුම්කන් නොදීම දැඩිලෙස හෙලා දුටුවහ.

එමෙන්ම සාමකාමී අරගලකරුවන්ට මැයි 9 වනදින පහරදීම, එයට සම්බන්ධ අයවලුන්ට දඬුවම් නොකිරීම

මෙන්ම රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස පත්කරමින් සිදුකරනු ලබන දේශපාලන ඩීල් පිළිබඳවත් බලවත් අප්‍රසාදය පලරන ලදී.

ඔවුන් බලකර සිටියේ ශ්‍රී ලංකාව තුල නව දේශපාලන සංස්කෘතියක් ඇතිකිරීම උදෙසා ජනාධිපති ගෝඨාභයට ඉල්ලා අස්වන ලෙසයි.