Search

ඔස්ටේ්‍රලියා ක්‍රීඩක ඇන්ඩෲ සයිමන්ඩ්ස් වෙනුවෙන් පාර්ශව රැසක කණගාටුව

රිය අනතුරකින් මියගිය ඔස්ටේ්‍රලියා ප්‍රවීණ ක්‍රීඩක ඇන්ඩෲ සයිමන්ඩ්ස් වෙනුවෙන් පාර්ශව රැසක් කණගාටුව පළකරනවා.

දේශපාලන නායකයන් – සමකාලීන ක්‍රීඩකයන් ඇතුලු පිරිස් ඒ අතර වනවා.

ශ්‍රී ලංකා වත්මන් සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් ගණනාවක්ද සමාජ මාධ්‍ය සටහන් තබමින් ඇන්ඩෲ සයිමන්ඩ්ස් ට ශෝකය පළකර තිබුණා.

ඔස්ටේ්‍රලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 26 ක් – එක්දින තරග 198 ක් සහ පන්දුවාර 20 තරග 14 කට ඇන්ඩෘෘ සයිමන්ඩ්ස් ක්‍රීඩා කර තිඛෙනවා.

ඊයේ පෙරවරුවේ ක්වීන්ස්ලන්ඩ් හිදී සිදුවු රිය අනතුරකිනුයි ප්‍රවීණ ක්‍රීඩකයා ජීවිතක්ෂයට පත්වී ඇත්තේ.

2003 සහ 2007 වසරවල පැවති එක්දින ලෝක කුසලාන ඔස්ටේ්‍රලියාවට දිනාදීමේදී ඔහු ප්‍රබල කාර්ය භාරයක් ඉටු කලා.

මෙම වසර තුළදී මිය ගිය 03 වන ඔස්ටේ්‍රලියානු ක්‍රීඩකයා වන්නේ ඇන්ඩෘෘ සිමන්ඩ්ස්.

ෂේන් වෝර්න් සහ රොඩ්නි මාර්ෂ් අනෙක් ක්‍රීඩකයන් දෙදෙනායි.

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය අද ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (23) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 192 කට ආසන්න වී තිබෙනවා.

Read More »

රට පුරා මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු රැසක්

ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව මීට වඩා විශේෂ අවධානයක් යොමු කළ යුතු බවට සෞඛ්‍ය විශේෂඥයින් විසින් පෙන්වා දී තිබෙනවා.

Read More »