Sajini Amanda

මා කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය  හදාරා, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයෙන් සහ  එංගලන්තයේ ශෙෆීල්ඩ් හැල්ලම් විශ්ව විද්‍යාලයෙන් කළමනාකරණය සහ අලෙවිකරණය පිලිබඳ ව්‍යාපාර පරිපාලනවේදී  උපාධි ද්විත්වයක් හදාරා ඇත. මේ වනවිට ඕස්ට්‍රේලියාවේ චාර්ල්ස් ස්ටුවර්ට් විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිය හදාරමින් සිටිමි.

2012/13 පාසල් කාලය තුලදී ජ්‍යෙෂ්ඨ නිවේදිකාවක් ලෙස කටයුතු කල අතර පාසල් උප ප්‍රධාන ශිෂ්‍ය නායිකා, පාසල් මාධ්‍ය ඒකකයේ උප ලේකම්, ඡායාරූප කලා සංගම් සභාපති ආදී විවිධ සංගම් රැසක ක්‍රියාකාරී සාමාජිකාවක් ලෙසත් පාසලේ විවිධ බාහිර කටයුතු වලදී නායකත්වයන් හොබවමින් කටයුතු කලෙම්.
නිවේදනයේදී සහ ඡයරූපකරණයේ දී දැක්වූ දක්ෂතා හේතුවෙන් පාඨශාලීය සහ අන්තර් පාඨශාලීය වශයෙන් බොහෝ ඇගයීම් වලට ලක් විය. තවද 2012 වසරේදී කොලඹ ආනන්ද විද්‍යාලයීය 125 අනඳ අභිමන් සංවත්සරික උළෙලේ සංවිධානය කෙරුණ  ‘අනඳ රිද්ම’ ගුවන් විදුලි විකාශයේ සජීවි ගුවන් විදුලි වැඩසටහන් නිවේදිකාවක් ලෙස කටයුතු කලෙමි.

කුඩා කලදී කලා භූමි,නන්දා මාලිනි සංගීත ආශ්‍රමය සහ රන්වල පදනම හරහා සංගීත අධ්‍යාපනය හදරුවෙමි.2007 වර්ෂයේදී චන්දි  කොඩිකාර විසින් රචිත, සනත් අබේසේකරයන් විසින් අධ්‍යක්ෂණය කරන ලද ස්වාධීන රුපවාහිනී සේවයේ විකාශය වූ ‘අනුහස් විජිතය’ ටෙලි වෘතාන්තයේදී හයිසින්ත් විජේරත්න , හේමසිරි ලියනගේ ආදී ප්‍රවීණයන්ගෙන් හුරුව ලබමින් අනුෂි යන ළමා චරිතය තුලින් රංගන දායකත්වය ලබා දුනෙමි.
පසු කාලීනව ඩී. සැම්සන් සහ පුත්‍රයෝ සමාගමේ රැකියාව සිදු කරන අතරතුර එහි ප්‍රධාන උත්සව අවස්ථා සදහා නිවේදන දායකත්වය ලබා දුනෙමි.

ධාවනයෙන් දස්කම් දැක්වූ උසේන් බෝල්ට් ක්‍රිකට්වලටත් එයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් ධාවන ශුරයෙකු වන උසේන් බෝල්ට් ලබන ජුනි මස පළමුවනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයේ තානාපති ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »