
ලබන සෙනසුරාදා පැවැත්වෙන ෆෙඩරල් මැතිවරණයෙන් තමා ජයගතහොත් කොවිඩ් එන්නත් පිළිබඳ වෙළඳ දැන්වීම් සඳහා වැඩි ඉඩක් වෙන් කිරීමට බලාපොරොත්තු වන බව ලේබර් නායක ඇන්තනී ඇල්බනීස් පවසනවා.
විශේෂයෙන් බූස්ටර් එන්නත ගැනීම සඳහා ඔස්ටේ්‍රලියානුවන් පෙළඹවීමට අපේක්ෂා කරන බවයි විපක්ෂ නායකවරයා සඳහන් කලේ.
කොවිඩ් තත්වය සම්බන්ධයෙන් ප්‍රමාණවත් දැනුවත් කිරීමක් හෝ අධ්‍යාපනයක් ලබාදීමක් ලිබරල් සන්ධානය විසින් සිදුකර නොමැති බවටයි ඇන්තනී ඇල්බනීස් චෝදනා කරන්නේ.

මැතිවරණ ප්‍රචාරණ සමයේදී විපක්ෂ නායකවරයා ඇතුලු ලේබර් ක්‍රියාකාරීන් රැසකට කොවිඩ් වැළඳී තිබුණා.
අගමැති මොරිසන් ඇතුලු පාලක සන්ධානය මැතිවරණ ප්‍රචාරණයට ඩොලර් බිලියනයක් පමණ වෙන්කර ඇතත් ජනතා සෞඛ්‍ය පිළිබඳ තැකීමක් සිදුකර නොමැති බවටයි ඇන්තනී ඇල්බනීස් චෝදනා කර සිටින්නේ.
