රාජපක්ෂලාට ඔස්ටේ්‍රලියා දොර වසන්නැයි ඉල්ලා අත්සන් ලක්ෂයක පෙත්සමක්

ශ්‍රී ලංකා වත්මන් රජයේ දූෂිතයන්ට ඔස්ටේ්‍රලියාවට ඇතුලු නොවීමට ඉඩ නොදීම ඇතුලු කරුණු කිහිපයක් මුල්කරගනිමින් පෙත්සමක් අත්සන් තැබීම ආරම්භ කර තිබෙනවා.

අත්සන් ලක්ෂයක් සහිතව පාර්ලිමේන්තුවට එය භාරදීමයි සැළසුම වී ඇත්තේ.

මෙහි මූලික අධියරක් ලෙස වික්ටෝරියා පාර්ලිමේන්තුව ඉදිරිපිට අද දැවැන්ත විරෝධතාවයක් පැවති අතර ඒ සඳහා මෙල්බන් ඇතුලු ඔස්ටේ්‍රලියාව පුරා වාසය කරන ලාංකිකයන් විශාල පිරිසක් සහභාගී වී සිටීම විශේෂත්වයක්.

දශක ගනනාවක් පුරා ග්‍රී ලංකාව පාලනය කල දේශපාලකයින් සහ නිලධාරීන් විසින් සිදුකල වංචා සහ දූෂණ හේතුවෙන් මේ වන විට ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටුකර දීමටවත් ප්‍රමාණවත් ආර්ථිකයක් රට තුල නොමැති බව ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන් සියළු දෙනා ඉතාමත් කම්පනයෙන් යුතුව බලා සිටිමු.

මෙතෙක් කාලයක් අසාධාරණයෙන් අවනීතියෙන් ඉපයූ මුදල් දියුණු රටවලට ගෙගොස් ඉතිරි පරම්පරා ගනනාවම ලාංකිකයින්ගෙන් සොරාගත් මුදලින් සුඛෝපභෝගී ජීවිත ගත කිරීම ඔවුන්ගේ අරමුණ බව අප දනිමු.

එම අන්ත අසාධාරණ ක්‍රියාවලිය නැවැත්වීමේ පියවරයන් අප නිල වශයෙන් ආරම්භ කරන බව ඕස්ට්‍රේලියාවේ ජීවත්වන සියළුම ශ්‍රී ලාංකිකයන්ටත් ලොව පුරා විසිරී සිටින ශ්‍රී ලාංකිකයින්ටත් දැන්වීම මෙහි අරමුණයි…

ප්‍රධාන ප්‍රවේශයන් දෙකක් ඔස්සේ අප ක්‍රියාත්මක වෙමු.

1. අත්සන් ලක්ෂයක ඉලක්කයකට යන පාර්ලිමේන්තුවට බාර දීමට නියමිත පෙත්සම නිල වශයෙන් ආරම්භ කිරීම…

2. දූෂිතයින් ලෙස හඳුනාගත් පුද්ගලයින්ට කුමන වීසා කාන්ඩයක් යටතේවත් ඕස්ට්‍රේලියාවට ඇතුළු නොවීමට අදාල පනත් කෙටුම්පත් යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ මුල් පියවර…

https://www.change.org/p/shut-the-gate-for-corrupt-sri-lankan-politicians-and-their-associates

සිඩ්නි පිහි ඇනුමෙන් බලපෑමට ලක්වූවන්ට රජයෙන් සහන පැකේජයක්

බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් වෙළඳ සංකීර්ණයේ ඛේදවාචකයෙන් බලපෑමට ලක් වූ කම්කරුවන් සහ ව්‍යාපාර සඳහා නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජය ආධාරක පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »