
ශ්‍රී ලංකාව සහ එල් ටී ටී ඊ සංවිධානයට අදාළව ඉන්දියාවේ හින්දු පුවත්පත විසින් පළකර තිබූ වාර්තාව පිළිබඳ තවදුරටත් විමර්ශනය කරන බවට ඉන්දීය බුද්ධි අංශ විසින් ශ්‍රී ලංකාවට දන්වා එවා තිබෙනවා.
එලෙස වැඩිදුර තොරතුරු වෙතොත් ඒවා පිළිබඳව දැනුම් දීමට කටයුතු කරන බවයි ඔවුන් දන්වා ඇත්තේ.
එල් ටී ටී ඊ ත්‍රස්තවාදී සංවිධානය විසින් ලබන 18 වන දින ශ්‍රී ලංකාවට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බවට ඉන්දීය ඔත්තු සේවා උපුටා දක්වමින් ඉන්දියාවේ හින්දු පුවත්පත පෙරේදා දිනයේදී පුවතක් පළකර තිබුණා.

එම තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බුද්ධි අංශ විසින් ඉන්දීය බුද්ධි අංශ වෙතින් කරුණු විමසා ඇති අතර එම තොරතුර සාමාන්‍ය තොරතුරක් ලෙසයි ඔවුන් විසින් දන්වා ඇත්තේ.
කෙසේවෙතත් මේ පිළිබඳව තවදුරටත් විමර්ශනය කර වැඩිදුර තොරතුරු වේනම් ඒවා පිළිබඳව ශ්‍රී ලංකා ට දැනුම් දීමට කටයුතු කරන බව ද ඔවුන් දන්වා ඇති බවයි ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ.

මෙම තොරතුර සහ ජාතික ආරක්‍ෂාව හා සබැඳිව බුද්ධි සහ ආරක්‍ෂක අංශ වෙත ලැබෙන සියලූ තොරතුරු පිළිබඳව නිසි විමර්ශනයන් සිදු කර අදාල ආරක්‍ෂක අංශ දැනුවත් කර ආරක්‍ෂාව තර කිරීම සඳහා සියලූ ඉදිරි ක්‍රියාමාර්ග’ගැනීමට කටයුතු කර ඇති බවද ආරක්ෂක අමාත්‍යංශය අවධාරණය කරනවා.
COMMENTS