
ඇමරිකානු ඩොලර් 47,000 ක් විශුද්ධිකරණය කිරීමේ වරදට පුද්ගලයන් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ බොරලැස්ගමුව පොලිස් වසමේ ස්ථාන 02 කදීයි.
රුපියල් එක් කෝටි 71 ලක්ෂ 55 දහසක් පමණ වටිනා මෙම මුදල් නිසි ලෙස බැංකු ගත නොකර උන්ඩියල් ක්‍රමයට දැනට පවතින

ඩොලරයේ වටිනාකමට වැඩි වටිනාකමකට පුද්ගලයන්ට අලවි කිරීම සහ ආධාර දීම සැකකරුවන්ට එරෙහි චෝදනායි.
බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 ක සහ වයස අවුරුදු 52 ක පුද්ගලයන් දෙදෙනෙකු මෙලස අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා නීති විරෝධී වත්කම් විමර්ෂණ කොට්ඨාශය වෙත භාර දී තිබෙනවා.

COMMENTS