ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක Andrew Symonds රිය අනතුරකින් මිය යයි – AusLanka TV – Australian News for the Sri Lankan community

ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක Andrew Symonds රිය අනතුරකින් මිය යයි

ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක Andrew Symonds රිය අනතුරකින් මිය යයි

ඔස්ටේ්‍රලියා ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක Andrew Symonds රිය අනතුරකින් මිය යයි.

ඒ වනවිට ඔහු 46 වන වියෙහි පසුවිය.

ඔස්ටේ්‍රලියාව වෙනුවෙන් ටෙස්ට් තරග 26 ක් – එක්දින තරග 198 ක් සහ පන්දුවාර 20 තරග 14 කට ඇන්ඩෘෘ සයිමන්ඩ්ස් ක්‍රීඩා කර තිඛෙනවා.

අද පෙරවරුවේ ක්වීන්ස්ලන්ඩ් හිදී සිදුවු රිය අනතුරකිනුයි ප්‍රවීණ ක්‍රීඩකයා ජීවිතක්ෂයට පත්වී ඇත්තේ.

2003 සහ 2007 වසරවල පැවති එක්දින ලෝක කුසලාන ඔස්ටේ්‍රලියාවට දිනාදීමේදී ඔහු ප්‍රබල කාර්ය භාරයක් ඉටු කලා.

මෙම වසර තුළදී මිය ගිය 03 වන ඔස්ටේ්‍රලියානු ක්‍රීඩකයා වන්නේ ඇන්ඩෘෘ සිමන්ඩ්ස්. ෂේන් වෝර්න් සහ රොඩ්නි මාර්ෂ් අනෙක් ක්‍රීඩකයන් දෙදෙනායි.

COMMENTS