හමුදාපතිට ඉල්ලා අස්වන්නැයි ඩයනා කියයි – AusLanka TV – Australian News for the Sri Lankan community

හමුදාපතිට ඉල්ලා අස්වන්නැයි ඩයනා කියයි

හමුදාපතිට ඉල්ලා අස්වන්නැයි ඩයනා කියයි

පසුගියදා රට පුරා ඇති ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා මැඩ පැවැත්වීමට හමුදාව මැදිහත්වීම නොවීම පිළිබඳව යුද හමුදාපතිවරයා වගකිව යුතුයැයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම හමුවේ දී චෝදනා එල්ල වී ඇත.

ජනාධිපතිවරයා සමඟ මෙම හමුව කොටුව ජනාධිපති මන්දිරයේදී පැවතුණේ ආණ්ඩුවට සහයෝගය දෙන මන්ත්‍රී කණ්ඩායම සමගයි.

එහිදී මෙම චෝදනාව එල්ල කර ඇත්තේ සමගි ජන බලවේගයේ සිට ආණ්ඩුවට එක් වූ මන්ත්‍රීනී ඩයනා ගමගේ විසිනි.

එහිදී අදහස් දක්වා ඇති රමේෂ් පතිරණ මන්ත්‍රීවරයාද කියා ඇත්තේ අදාල සිද්ධි දාමය පටන් ගත් අවස්ථා සිටම තමන් ජනාධිපතිතුමන් ළඟ සිටි බවත් ජනාධිපතිතුමා පොලිස්පති, හමුදාපතිට නියෝග දෙනවා තමන් දුටු නමුත් එම නියෝග ක්‍රියාත්මක වුණේ නැති බවත්ය.

ජනාධිපතිවරයා දුන් උපදෙස් අනුව ක්‍රියා නොකිරීම හේතුවෙන් හමුදාපතිවරයා පොලිස්පතිවරයාට තම ධුරවලින් ඉල්ලා අස්විය යුතු බව ද මන්ත්‍රී පිරිස සඳහන් කර තිබේ.

https://lankacnews.com/%e0%b6%89%e0%b7%84%e0%b6%bd%e0%b6%b8-%e0%b6%ad%e0%b7%90%e0%b6%b1%e0%b6%9a%e0%b6%af%e0%b7%93-%e0%b7%84%e0%b6%b8%e0%b7%94%e0%b6%af%e0%b7%8f%e0%b6%b4%e0%b6%ad%e0%b7%92%e0%b6%a7-%e0%b6%af%e0%b7%90/

COMMENTS