
ඉදිරි ෆෙඩරල් මැතිවරණය වෙනුවෙන් පාලක ලිබරල් සන්ධානයේ සංක්‍රමණ ප්‍රතිපත්ති මාලාව එළිදක්වා තිඛෙනවා.
ස්වදේශ කටයුතු අමාත්‍ය Karen Andrews සහ සංක්‍රමණ අමාත්‍ය Alex Hawke විසිනුයි ඊට අදාළ ඒකාබද්ධ නිවේදනය නිකුත් කර ඇත්තේ.
අහෝසි කරන බවට ලේබර් පක්ෂය දී ඇති මැතිවරණ පොරොන්දුව මෙමගින් දැඩි විවේච්චනයට ලක් කර තිඛෙනවා.

දේශ සීමා ආරක්ෂණය පිළිබඳ සැබෑ ලෙසම කටයුතු කරන්නේ කවුරුන්ද යන්න ඉන් පැහැදිලි වන බවයි ලිබරල් සන්ධානය අවධාරණය කරන්නේ.
සන්ධාන රජය හරහා අනවසර සංක්‍රමණ බෝට්ටු නතර කිරීමටත් – මිනිස් ජාවාරම් සහ මුහුද මැද මරණ බින්දුවට අඩු කිරීමටත් හැකි වූ බව මෙම නිවේදනයේ දක්වා තිඛෙනවා.

එමෙන්ම විදේශීය අපරාධකරුවන් ඔස්ටේ්‍රලියාවේ රැඳවුම් භාරයේ සිටින අතරතුර වන වියදම් ඔවුන් විසින්ම දැරීමට අදාළ නීති මැතිවරණයෙන් පසු හඳුන්වාදීමටද ලිබරල්් සන්ධාන රජය සැළසුම් කර ඇති බවයි මෙහි අන්තර්ගත වන්නේ.
COMMENTS