අප්‍රේල් මාසයේ පැමිණි සහ ඔස්ටේ්‍රලියාවෙන් පිටත්ව ගිය සංචාරකයන් ලක්ෂ 12 ඉක්මවයි – AusLanka TV – Australian News for the Sri Lankan community

අප්‍රේල් මාසයේ පැමිණි සහ ඔස්ටේ්‍රලියාවෙන් පිටත්ව ගිය සංචාරකයන් ලක්ෂ 12 ඉක්මවයි

අප්‍රේල් මාසයේ පැමිණි සහ ඔස්ටේ්‍රලියාවෙන් පිටත්ව ගිය සංචාරකයන් ලක්ෂ 12 ඉක්මවයි

අප්‍රේල් මාසයේදී ඔස්ටේ්‍රලියාවට පැමිණි සහ ඔස්ටේ්‍රලියාවෙන් පිටත්ව ගිය සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ 12 ඉක්මවා ගොස් තිබෙනවා.

එය මාර්තු මාසයට වඩා ලක්ෂ 05 ක පමණ ඉහළයාමක් බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශය අද නිකුත් කල නවතම වාර්තාවක දැක්වුණේ.

මින් 580,000 ක් පමණ ඔස්ටේ්‍රලියාවට පැමිණි අය වන අතර 610,000 ක් පමණ රටින් බැහැරව ගිය සංචාරකයන් වනවා.

කොවිඩ් වසංගතය ආරම්භයෙන් පසු එක් මාසයකදී රටට පැමිණි සහ රටින් පිටත්ව ගිය සංචාරකයන්ගේ එකතුවේ වැඩිම අගයද මෙය වනවා.

2019 වසරේ අප්‍රේල් මාසයේදී එම අගය සටහන්වී තිබුණේ මිලියන 3.5 ක් ලෙසයි.

රටට පැමිණි කෙටිකාලීන වීසා බලපත් හිමියන් සංඛ්‍යාව සැළකීමේදී වැඩිම පිරිසක් පැමිණ තිබුණේ මහා බ්‍රිතාන්‍යයෙනුයි. එය 27,000 ක්.

නවසීලන්තය සහ ඉන්දියාව දෙවන සහ 03 වන ස්ථානවලට පත්ව තිබුණා.

වැඩිම සංචාරකයන් පැමිණි ප්‍රාන්තය නිවු සවුත් වේල්ස් වන අතර එම සංඛ්‍යාව 59,000 කට අධිකයි.

වික්ටෝරියා ප්‍රාන්තයට පැමිණ තිබූ සංචාරකයන් ගණන 44,810 ක් ලෙස වාර්තා වනවා.

COMMENTS