Medicare වෙනුවෙන් ඇල්බනීස්ගෙන් අමතර ඩොලර් බිලියනයක් – AusLanka TV – Australian News for the Sri Lankan community

Medicare වෙනුවෙන් ඇල්බනීස්ගෙන් අමතර ඩොලර් බිලියනයක්

Medicare වෙනුවෙන් ඇල්බනීස්ගෙන් අමතර ඩොලර් බිලියනයක්

ලබන සෙනසුරාදා පැවැත්වෙන ෆෙඩරල් මැතිවරණයෙන් ලේබර් පක්ෂය ජයගතහොත් Medicare වෙනුවෙන් අමතර ඩොලර් බිලියනයක මුදලක් වෙන් කරන බවට විපක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් පොරොන්දු වනවා.

ඉන් ඩොලර් මිලියන 750 ක් Medicare අරමුදල ශක්තිමත් කිරීම සඳහා වසර 03 ක කාලයක් වෙනුවෙන් යෙදවීමට නියමිතයි.

තවත් ඩොලර් මිලියන 220 ක මුදලක් ලබාදීමට නියමිතව ඇත්තේ කාර්ය මණ්ඩල පුහුණු කිරීම් – නව වෛද්‍ය උපකරණ මිළදී ගැනීම වැනි කටයුතු සඳහායි.

මේ යටතේ GP වරයෙකුට ඩොලර් 25,000 ත් 50,000 ත් අතර මුදලක් ලබාදීමටයි සැළසුම් කර ඇත්තේ.

Medicare ශක්තිමත් කිරීම සඳහා කාර්ය සාධක බලකායක් ස්ථාපිත කිරීමද ලේබර් පක්ෂයේ තවත් යෝජනාවක් වනවා.

COMMENTS