රනිල්ගේ ආණ්ඩුවෙන් අපිට ඇමතිකම් එපා – මෛත්‍රී – AusLanka TV – Australian News for the Sri Lankan community

රනිල්ගේ ආණ්ඩුවෙන් අපිට ඇමතිකම් එපා – මෛත්‍රී

රනිල්ගේ ආණ්ඩුවෙන් අපිට ඇමතිකම් එපා – මෛත්‍රී

රනිල් වික්‍රමසිංහ අගමැති වූ ආණ්ඩුවේ කොටස්කරුවන් නොවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තිරණය කර තිබෙනවා.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඒ බව තහවුරු කලා.

ඒ අනූව කැබිනට් අමාත්‍යධූර භාරගන්න එක්වන්නැයි ජනාධිපතිවරයා සහ නව අගමැතිවරයා සිදුකල ආරාධනාව නිදහස් පක්ෂය ප්‍රතික්ෂේප කරන බවයි ඔහු මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී කියා සිටියේ.

නව ආණ්ඩුවට එක් නොවන නමුත් ආර්ථිකය ගොඩනැංවීමේ වැඩපිළිවෙළට සහාය ලබා දීමට ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබෙනවා.

අද කැදවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංස මහතා කියා සිටියේ නව ආණ්ඩුව ගනු ලබන ඕනෑම යහපත් ක්‍රියාමාර්ගයක් වෙනුවෙන් පමණක් පක්ෂ 10 එකමුතුවට අයත් මන්ත්‍රීවරුන්ගේ සහය හිමි වන බවයි.

COMMENTS