රනිල්ට ඔස්ටේ්‍රලියාවෙනුත් සුභ පැතුම් – ඩොලරය රු 12 කින් පහළට – AusLanka TV – Australian News for the Sri Lankan community

රනිල්ට ඔස්ටේ්‍රලියාවෙනුත් සුභ පැතුම් – ඩොලරය රු 12 කින් පහළට

රනිල්ට ඔස්ටේ්‍රලියාවෙනුත් සුභ පැතුම් – ඩොලරය රු 12 කින් පහළට

නව අගමැති රනිල් වික්‍රමසිංහට ඔස්ටේ්‍රලියාවද සුභ පැතුම් පිරිනමා තිබෙනවා.

ට්විටර් සටහනක් තබමින් ශ්‍රී ලංකාවේ ඔස්ටේ්‍රලියා මහ කොමසාරිස්වරයා පැවසුවේ වත්මන් අර්බුදය විසඳීමට එය ඉවහල් වනු ඇති බවයි.

සියලු ලාංකිකයන්ට පිළිගත හැකි රජයක් පිහිටුවීමේ වැදගත්කමත ඔහු අවධාරණය කරනවා.

මේ අතර අමෙරිකානු ඩොලරයක විකුණුම් අගය ඊයේ දිනයට වඩා රුපියල් 12 කින් පහළ ගොස් තිබෙනවා.

ඊයේ රුපියල් 377 ට අලෙවි වූ ඩොලරය අද රුපියල් 365 ක් දක්වා පහළ ගොස් ඇති බවයි වෙළඳපොල වාර්තා කියාසිටියේ.

නව අගමැති පත්වීම හරහා වෙළඳපොල විශ්වාසය ඉහළයාම මීට හේතුවයි.

COMMENTS