
ධාරාණිපාත වර්ෂා හමුවේ හදිසි අවස්ථාවකට සූදානම් වන්නැයි ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවාසීන් දහස් සංඛ්‍යාත පිරිසකට අනතුරු අගවා තිබෙනවා.
අවධානම් ස්ථානවල සිටින ජනතාවට වහා ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙසයි එමගින් උපදෙස් දී ඇත්තේ.
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට මේ වනවිට ධාරාණිපාත වැසි තත්වයක් බලපා ඇති අතර බ්‍රිස්බන් ඇතුලු ප්‍රදේශ ගණනාවකට එමගින් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

පසුගිය පෙබරවාරි මාසයේදීත් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට මෙවැනිම දරුණු වැසි තත්වයක් බලපෑ අතර එහිදී පුද්ගල මරණ 13 ක් වාර්තා වී නිවාස 20,000 කට වැඩි සංඛ්‍යාවක් විනාශ වුණා.
දේශගුණ විපර්යාස මෙවර ෆෙඩරල් මැතිවරණයේදීත් ප්‍රධාන මාතෘකාවක් බවට පත් වී තිබෙනවා.
