South Yarra ගින්නකින් පෙර පාසලක් සම්පූර්ණයෙන් විනාශයි – AusLanka TV – Australian News for the Sri Lankan community

South Yarra ගින්නකින් පෙර පාසලක් සම්පූර්ණයෙන් විනාශයි

South Yarra ගින්නකින් පෙර පාසලක් සම්පූර්ණයෙන් විනාශයි

මෙල්බන් South Yarra හි ගින්නකින් පෙර පාසලක් සම්පූර්ණයෙන් විනාශවී දේවස්ථානයකට දැඩි හානි සිදුවී තිබෙනවා.

අද පෙරවරු 06.30 ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි පොලිසිය සඳහන් කලේ.

ගිනි නිවීම් භටයන් 60 කට වැඩි පිරිසක් ගින්න පාලනයට යොදා සිටි අතර එය මැඩපැවැත්වීමට පැය 02 ක් පමණ ගතවී තිබුණා.

මෙම ගින්න හටරැැනීමට නිශ්චිත හේතුවක් මේ දක්වා අනාවරණ වී නැහැ.

කෙසේවෙතත් දැඩි දුමාරය හමුවේ Albert Park, Cremorne, Melbourne, Prahran, Richmond, South Melbourne, South Yarra, Windsor ප්‍රදේශවලට සෞඛ්‍ය අනතුරු ඇගවිමක්ද නිකුත් කර තිබෙනවා.

COMMENTS