මහ බැංකු අධිපති ඉල්ලා අස්වෙන්න යයි

රටේ නීතිය හා සාමය නිසි අයුරින් ක්‍රියාත්මක නොවීම ආර්ථික අර්බුදවලින් ගොඩඒමට උදව් නොවන බව මහා බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව සඳහන් කළා.

රටේ අගමැතිවරයෙක් නැති මුදල් ඇමතිවරයෙක් නැති පාර්ලිමේන්තුවේ කිසියම් ක්‍රියාවක් සිදුනොවන විධායක ජනාධිපතිවරයෙක් පමණක් සිටින අකර්මණ්‍ය වූ තත්ත්වයක් පවතින බව ඔහු පෙන්වා දෙනවා.

හැකිතරම් ඉක්මණින් යම්කිසි ආකාරයක ස්ථාවර පාලන ක්‍රමයක්, ස්ථාවර රජයක් පත්කළ යුතු බවද මහබැංකු අධිපතිවරයා වැඩිදුරටත් පැවසුවා.

ජනතා නියෝජිතයින් 225 දෙනාගේ සහ ජනාධිපතිවරයාගේ ප්‍රධාන වගකීම එය බවද මහ බැංකු අධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

එහිදී මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ රටේ නීතිය හා සාමය මීට වඩා හොඳ ආකාරයකින් පවත්වාගෙන යාමට හැකියාව ඇති රජයක් පත්කිරීම අත්‍යවශ්‍ය බවයි .

එවැනි ස්ථාවර තත්ත්වයක් කෙටි කාලයකින් ලබාගත නොහැකි නම් රට අරාජික වන බවද මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

තවත් දවස් කිහිපයක් මේ තත්ත්වය පැවතියහොත් පැය 10ට වැඩි විදුලි කප්පාදුවක්, ඉන්ධන නොමැති වීමක්, ඇතිවිය හැකි බවද මහ බැංකු අධිපතිවරයා පෙන්වා දෙනවා.

එසේම සාමකාමීව අරගලයේ නිරතව සිටි අයට සිදුකළ පහරදීම පිළිකුල් සහගත හෙළාදකින බවද මහබැංකු අධිපතිවරයා වැඩිදුරටත් පැවසුවා.

මේ අතර රට තුළ දේශපාලන ස්ථාවරත්වය ඇති නොකළහොත් තමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවද මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

රක්ෂණයක් නැති ඔස්ට්‍රේලියානුවන්ට අවාසි සහගත තත්වයක්

පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණාවරණයක් නොමැති ඔස්ට්‍රේලියානුවන්ට අත්‍යවශ්‍ය සැත්කම් සිදු කර ගැනීමට වසරකට වැඩි කාලයක් පොරොත්තු ලේඛන නැතිහොත් වේටින් ලිස්ට්හි රැඳී සිටීමට සිදුවන බව නවතම සමීක්ෂණයක දී තහවුරු වී තිබෙනවා.

Read More »

Online අයදුම්පතක් සම්පූර්ණ කරන්න තරුණ ප්‍රජාවට දැනුම්දීමක්

තරුණ ඔස්ට්‍රේලියානුවන්ගෙන් වැඩි ප්‍රමාණයක් තම ආදායමින් හතරෙන් එකක් ග්‍රොසරි අයිතම මිලදී ගැනීම සඳහා වැය කරන බව හෙළිව තිබෙනවා.

Read More »

දුම්වැටි අලෙවි කරන්න බලපත්‍ර ක්‍රමයක්

සිල්ලර වෙළඳුන්ට දුම්වැටි අලෙවි කිරීම සඳහා බලපත්‍රයක් ලබා ගත යුතු වන නව ක්‍රමයක් වික්ටෝරියා ප්‍රාන්තය විසින් හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව සම්බන්ධ කරන්න නව ගුවන් ගමනක්

Jetstar Asia විසින් බටහිර ඔස්ට්‍රේලියානු සංචාරක නගරයක් වන බෲම් (Broome) සිට සිංගප්පූරුව දක්වා සහනදායී ගාස්තු සහිත සෘජු ගුවන් ගමන් සේවාවක් ආරම්භ කිරීමට තීරණයක් ගෙන තිබෙනවා.

Read More »