සජිත්ට සහය දෙන්න නිදහස් පක්ෂයෙනුත් තීරණයක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අග්‍රාමාත්‍ය ධුරය ගෙන ආණ්ඩුවක් නිර්මාණය කරන්නේ නම් ඊට සහය දෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.

පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද කොළඹදී මාධ්‍යයට අදහස් දක්වමිනුයි මේ බව කියා සිටියේ.

අග්‍රාමාත්‍යවරයෙකු නැති පසුබිමක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද ධුරයෙන් ඉල්ලා අස්වුවහොත් රට සම්පුර්ණයෙන්ම අරාජික වනු ඇතැයිද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා

උමා ඔය විවෘත කරන්න ඉරාන ජනපති අද ශ්‍රී ලංකාවට

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වීම සඳහා ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි අද ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට එක්වීමට නියමිතව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයන්ට රැකියා සොයා ගැනීම ගැන උපදෙස් මාලාවක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන විදේශ සංක්‍රමණිකයින් සඳහා මෙරට රැකියා වෙළඳපල තුළ නව රැකියාවක් කඩිනමින් සොයා ගැනීම පිළිබඳ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සුඛෝපභෝගී SUV මෝටර් රථ කිහිපයක් යළි කැඳවයි

නිෂ්පාදන දෝෂ කිහිපයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සුඛෝපභෝගී SUV මෝටර් රථ කිහිපයක් නැවත කැඳවීමට ඇස්ටන් මාර්ටින් සමාගම් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

පිහි පරික්ෂාවට පොලිසිය නව නීති ඉල්ලයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය පුරා පිහි ඇනුම් සිදුවීම් ගණනාවක් වාර්තා වීම හේතුවෙන් පොලිස් නිලධාරීන්ට ප්‍රසිද්ධියේ පිහි සෝදිසි කිරීම් සිදු කළ හැකි වන පරිදි නීති හඳුන්වා දෙන ලෙස ප්‍රාන්ත පොලිස් සංගමය ඉල්ලීමක් කරනවා.

Read More »