ස්වස්තිකයට එරෙහිව වික්ටෝරියාවෙන් දැඩි නීති – AusLanka TV – Australian News for the Sri Lankan community

ස්වස්තිකයට එරෙහිව වික්ටෝරියාවෙන් දැඩි නීති

ස්වස්තිකයට එරෙහිව වික්ටෝරියාවෙන් දැඩි නීති

නාසි සංකේතයක් වන ස්වස්තිකය ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කලහොත් දඩ සහ සිර දඩුවම් නියම කෙරෙන නව නීතියක් සම්මත කරගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වනවා.

ඔස්ටේ්‍රලියාව තුළ එවැනි තීරණයක් ගනු ලබන පළමු ප්‍රාන්තය බවටද ඒ අනුව වික්ටෝරියා ප්‍රාන්තය පත්වනු ඇති.

මෙම චෝදනාවට වරදකරුවෙකු බවට පත්වන අයෙකුට ඩොලර් 22,000 ක දඩයක් මෙන්ම වසරක සිර දඩුවමක්ද නියම කිරීමට නියමිතයි.

අන්තවාදී අදහස් සඳහා වික්ටෝරියා ප්‍රාන්තය තුළ කිසිදු අවසරයක් නැතැයි පෙන්වාදීම සඳහා මෙම පියවර ගන්නා බව වික්ටෝරියා ප්‍රාන්ත රජය නිවේදනය කරනවා.

කෙසේවෙතත් බෞද්ධ ස්වස්තික ලාංඡනය මෙම රෙගුලාසිවලට යටත් නොවන අතර නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයද මේ හා සමාන රෙගුපාසි හඳුන්වාදීමට සූදානම් වන බව සඳහන්.

COMMENTS