PHOTOS : ඇවෙන්ඩ්‍රා ගාඩ්න් හෝටලයට 02 වන වරටත් ගිනි – සුපිරි වාහන ගින්නෙන් වැනසෙයි

පොදුජන පෙරමුණේ ආධාරකරුවන්ට අයත් බව කියන මීගමුව මහහුණුපිටියේ සහ කුරණ පිහිටි සුපිරි හෝටල් දෙකකට සහ එහි නවතා තිබූ සුපිරි වාහන 25කට අධික සංඛ්‍යාවකට ගිනි තබා ඇතැයි පොලිසිය කියයි.

ගිනි තැබීමට පෙර කලහකාරී ලෙස හැසිරුණු පිරිස් ඒවායේ තිබූ භාණ්ඩ ද කොල්ල කා ඇතැයි ද වාර්තා වෙයි.

මීගමුව මීරිග පාරේ මහා හුණුපිටියේ පිහිටි ඇවෙන්ඩ්‍රා ගාඩ්න්ස් හෝටලයට සහ කුරණ ප්‍රදේයේ පිහිටි ග්‍රෑන් ඩීසා යන සංචාරක හෝටලයකට මෙසේ ගිනි තබා ඇත.

ඇවෙන්ඩ්‍රා ගාඩ්න් හෝටලයේ තිබූ ඉතා වටිනා වාහන රැසක් ගින්නෙන් අළු වී ඇතැයි ද වාර්තා වෙයි.

මීට අමතරව පොදු පෙරමුණට ලැදි කෝටිපති ව්‍යාපාරිකයකුට අයත් බව කියන ජර්මන් ජාතික පූජකවරයකු කුලී පදනම මත ලබාගෙන සිටින නිවෙසකට කඩා වැදී එහි තිබී රන් ආභරණ, ඇඳුම් පැළඳුම් පොත්පත් ඇතුළු භාණ්ඩ කොල්ල කා ඇතැයි ද පොලිසිය පැමිණිලි කර ඇත.

ගින්නෙන් කෝටි ගණනක දේපළ ගින්නට අසුව විනාශ වී ඇත.

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසකට කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්

එළඹෙන සති අන්තයේ පවතිනු ඇතැයි අපේක්ෂිත වැසි සහිත කාලගුණික තත්වයෙන් වික්ටෝරියා ප්‍රාන්තය ඇතුළුව සමස්ත ඔස්ට්‍රේලියාවේ මිලියන ගනනකට බලපෑම් එල්ල වනු ඇතැයි කාලගුණ අංශ අනතුරු අඟවනවා.

Read More »

ගෝල්ඩ් කෝස්ට් වෙතින් පිටත් වූ ගුවන් යානයක 4ක් හදිසියේම රෝහලට රැගෙන යයි

ජෙට්ස්ටාර් ගුවන් සේවයේ යානයක කැබින් කාර්ය මණ්ඩලය ගුවන් යානයේ පැවති අසාමාන්‍ය ගන්ධයක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.

Read More »

තායිලන්තය ඔස්ට්‍රේලියාවට දුන් සහනයක් ශ්‍රී ලංකාවටත් දෙන්න තීරණය කරයි

ශ්‍රී ලංකාවෙන් පැමිණෙන සංචාරකයින් වැඩි වශයෙන් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් තායිලන්ත අමාත්‍ය මණ්ඩලය විසින් නව වීසා ක්‍රමවේදයක් අනුමත කර තිබෙනවා.

Read More »

සැකයක් ඇති නොවන ලෙස මෙල්බන්වල සිදු කළ ජාවාරමක සුලමුල හෙළිවෙයි

මෙල්බර්න්හි සේවා ස්ථාන සහ සුපිරි වෙළඳසැල්වලින් ඩොලර් මිලියන 2ක වටිනාකමකින් යුත් මුදල් සහ භාණ්ඩ සොරකම් කිරීම සඳහා ළමුන් යොදාගත් පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »