
අධ්‍යාපනය සහ පළපුරුද්ද ඉහළ මට්ටමක තිබියදීත් ඕස්ට්‍රේලියාවේ මෑතකාලීන සංක්‍රමණිකයන් දශකයකට පෙර ලැබූ ආදායමට වඩා අද උපයන ආදායම අඩු බව වාර්තා වේ.
Grattan ආයතනය විසින් නිකුත් කරන ලද නව මාර්ගෝපදේශ වාර්තාවකට අනුව මෙය සඳහන්.
ඔස්ට්‍රේලියාවේ ශ්‍රමිකයින් තිදෙනෙකුගෙන් එක් අයෙකු විදේශයන්හි උපත ලබා ඇති අතර පස් දෙනෙකුගෙන් එක් අයෙකු තාවකාලික හෝ ස්ථිර වීසා බලපත්‍රයක් දරයි.

වසර 2000 න් පසු ස්ථිර වීසා බලපත්‍රයක් ලැබූ පුද්ගලයින් ඔස්ට්‍රේලියානු ශ්‍රම බලකායෙන් 12% ක් වන බවත් ඔස්ට්‍රේලියාවේ ස්ථිර සංක්‍රමණ වැඩසටහන මෑත දශක කිහිපය තුළ කුසලතා මත වඩාත් පදනම් වී ඇති බවත් Grattan ආයතනයේ මෙම නවතම වාර්තාව පවසයි.
විශේෂයෙන් දක්ෂ සංක්‍රමණිකයන් සාමාන්‍ය ඔස්ට්‍රේලියානුවන්ට වඩා තරුණ, ඉහළ නිපුණතා සහ ඉහළ ආදායමක් උපයා ගැනීමට නැඹුරු වන බවද එම වාර්තාව පවසයි.

කෙසේ වෙතත්, පසුගිය වසර පහ තුළ ඔස්ට්‍රේලියාවට පැමිණි සංක්‍රමණිකයින් වසර 10කට පෙර ලබාගත් පැය ගණනට වඩා අඩු පැය ගණනක් වැඩ කිරීමටත් අඩු ආදායමක් ලැබීමටත් නැඹුරු වී ඇති බව මෙම වාර්තාව අනාවරණය කරයි.
ස්ථීර නිපුණතා සහ පවුල් වීසා බලපත්‍රලාභීන් විශාල සංඛ්‍යාවක් වෘත්තීය සහ සෞඛ්‍ය සේවයේ යෙදී ඇති අතර ඔවුන් සාමාන්‍යයෙන් ඉහළ නිපුණතා සහිත ඉහළ රැකියා තනතුරු සමග ඉහළ වැටුප් උපයා ඇත.
Hospitality වැනි අංශ, අඩු වැටුප් යටතේ අඩු නිපුණතා සහිත රැකියා පිරවීම සඳහා තාවකාලික සංක්‍රමණිකයන්, විශේෂයෙන්ම ජාත්‍යන්තර සිසුන් මත බොහෝ දුරට රඳා පවතින බව ද වාර්තාව පවසයි.
-SBS/Grattan
COMMENTS