
කොළඹ ගාලු මුවදොර පිටියේ හටගත් දැඩි නොසන්සුන් වාතාවරණය හමුවේ සමස්ත බස්නාහිර පළාතට පොලිස් ඇඳිරි නීතිය පණවා තිබෙනවා.
ගෝඨාගෝගම පරිශ්‍රයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ක්‍රියාකාරීන් එල්ල කල ප්‍රහාරයෙන් තුවාල ලැබූ 23 දෙනෙකු මේ වනවිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අද පෙරවරුවේ කොළඹ අරලියගහ මන්දිරයට පැමිණි ආණ්ඩු පක්ෂ හිතවාදීන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රකාශයෙන් අනතුරුව අරලියගහ මන්දිරයෙන් නික්මී ඒ ඉදිරිපිට විරෝධතාවයේ යෙදුණු මයිනා ගෝ ගමට ප්‍රහාරයක් එල්ල කළා. ඉන් අනතුරුව මෙම ප්‍රකෝපකාරී පිරිස් කොළඹ ගාලූ මුවදොර අරගල භූමියට කඩා වැදුණු අතර අරගල භූමියේ ස්ථාපිත කර තිබූ සියලූ තාවකාලික ගොඩනැගිලි කඩා බිඳ දමමින් විරෝධතාවයේ නිරත පිරිසට ප්‍රහාර එල්ල කලා.

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළ කළ ද එය පාලනය කර ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. මේ අතර අරගල භූමියේ මතු වී ඇති ප්‍රකෝපකාරී තත්ත්වයත් සමගින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ද එම ප්‍රදේශයට පැමිණි අතර ඔහු අරගල භූමිය තත්ත්වය සමනය කර ගැනීමට අදාළ පොලිස් නිලධාරින් සමග කටයුතු කරන ආකාරය දක්නට ලැබුණා.
ඉන් ටික වේලාවකට පසුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක්ද ද එම ස්ථානයට පැමිණි අතර ඔහු පැමිණි වහාම ඔහුට සහ ඔහුගේ රථයට බරපතළ ප්‍රහාරයක් එල්ල කෙරුණා.ළඉර /ඝළඉර /ඝමෙහිදී ආරක්ෂක නිලධාරීන් වහාම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රථයට නංවාගෙන ප්‍රදේශයෙන් ඉවතට යාමට කටයුතු කළා.
