
අග්‍රාමාත්‍යවරයාට පක්ෂපාතී පිරිසක් සහ අරලිය ගහ මන්දිරය ඉදිරිපිය මයිනාගෝගම විරෝධතාකරුවන් පිරිසක් අතර දැඩි ගැටුම්කාරී තත්වයක් හටගෙන තිබෙනවා.
පොදුජන පෙරමුණු ආධාරකරුවන් විසින් විරෝධතාකරුවන්ට පහරදී ඔවුන් රැඳී සිටි කූඩාරම් ගලවා ඉවත් කර ඇති බව සඳහන්.
ඔවුන් ඊට පෙර අදාළ ස්ථානය අසළ සිටි මාධ්‍යවේදියෙකුටද පහරදී තිබූණා.

අදාළ ස්ථානයේ පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයන් රැඳී සිටියද ඔවුන්ට තත්වය පාලනය කර ගැනීමට නොහැකි ආකාරයකුයි දක්නට ලැබෙන්නේ.