වෙස්ට්පැක් බැංකුවේ අර්ධ වාර්ෂික ලාභය සියයට 63 කින් ඉහළට

වෙස්ට්පැක් බැංකුවේ අර්ධ වාර්ෂික ලාභය ඩොලර් බිලියන 3.3 ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

එය පසුගිය මාස 06 හා සැළකීමේදී සියයට 63 ක ඉහළයාමක්.

කෙසේවෙතත් අදාළ කාලසීමාව තුළදී මුදල් උපයාගැනීම් සියයට 12 කින් පහළගොස් ඇති අතර එය සටහන් වන්නේ ඩොලර් 3.1 ක් ලෙසයි.

ගතවූ මාස 06 තුළදී සිය වියදම් සියයට 10 කින් පමණ කපා හැරීමට හැකිවූ බවයි වෙස්ට්පැක් බැංකුව සඳහන් කලේ.

https://www.9news.com.au/national/westpac-reports-3-billion-half-year-profit-a-week-after-hiking-rates/88b8ea14-2bf9-421d-95c4-3571136f9f6a