ආරක්ෂක අංශයේ නව රැකියා 300 ක් – අගමැතිගෙන් ප්‍රතිඥා

ආරක්ෂක අංශයේ නව රැකියා 300 ක් බිහිකිරීමට සැළසුම් සකස් කර ඇතැයි අගමැති ස්කොට් මොරිසන් පවසනවා.

එමෙන්ම නවීන හෙලිකොප්ටර් යානා 41 ක් ද ඔස්ටේ්‍රලියානු ආරක්ෂක හමුදා වෙත ලබාදීමට පියවර ගන්නා බවයි අගමැතිවරයා කියාසිටියේ.

2030 වසර වනවිට ඔස්ටේ්‍රලියාවේ ආරක්ෂක අයවැය ඩොලර් බිලියන 270 ක් ලෙස පවත්වාගෙන යාම ලිබරල් සන්ධාන රජයේ සැලසුම බවද අගමැතිවරයා කියාසිටියා.

යල්පැන ගිය යුධ උපකරණ හා යුධ වාහන වෙනුවට නවීන ඒවා ලබාදීමටද කටයුතු කරන බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කලේ.

ඉදිරි වසර 05 තුළදීත් ජාතික ආරක්ෂාව තහවුරු කිරීම ලිබරල් සන්ධාන රජයේ ප්‍රධාන අරමුණක් බවයි අගමැති ස්කොට් මොරිසන් කියාසිටියේ.

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් රක්ෂිත බන්ධනාගාරයට

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර් ගෘහස්ත හිංසනයට අදාළ වැරදි කිහිපයක් සම්බන්ධයෙන් වූ චෝදනා මත පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රුධිරය පරිත්‍යාග කරන්නැයි ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලීමක්

බොන්ඩායි ජන්ෂන්හි සිදු වූ පිහි ඇනුම හේතුවෙන් රුධිරය පරිත්‍යාග කරන ලෙස ඔස්ට්‍රේලියානු රතු කුරුස සංවිධානය විසින් ඉල්ලීමක් ඉදිරිපත්ති කර තිබෙනවා.

Read More »

අතුරුදන් වෙන්න යන දූපත් සමූහයක් රැක ගන්න ඔස්ට්‍රේලියානු ඉංජිනේරුවෙක් පෙරට එයි

ඔස්ට්‍රේලියාව සහ හවායි අතර පිහිටි කුඩා දූපත් නවයකින් සැදුම්ලත් ටුවාලු රාජ්‍ය වසර 50ක් ඇතුළත අතුරුදහන් වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රධාන නගර රැසක ආරක්ෂාව දැඩි කරයි

පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් අද ඔස්ට්‍රේලියානු නගර රැසක් අවහිර කරමින් විරෝධතා ව්‍යාපාරයක් සිදු කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසනවා.

Read More »

ශ්‍රී ලංකාවේ සිට පැමිණි සරණාගතයෙක් සිඩ්නි පිහි ඇනුමට ලක්වූවන් අතර

සිඩ්නි බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් පිහි ඇනුමෙන් මියගිය අය අතර ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට ගිය පකිස්ථාන සරණාගතයෙක් ද වන බව අනාවරණ වී තිබෙනවා.

Read More »