වනිඳුගෙන් IPL වාර්තාවක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමග පැවැති තරගය ලකුණු 67 කින් ජයගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් වුනා.

සුපිරි පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ කඩුලු 05 ක් ළකුණු 18 කදී දවාගැනීමට සමත්වුණා.

ඒ අනුව මෙවර අයි පී එල් තරගාවලියේ පන්දු යවන්නෙකු වාර්තා කළ හොඳම පන්දු යැවීම වනිඳු හසරංග විසින් වාර්තා කර තිබෙනවා.

රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම නියෝජනය කරමින් අයි පී එල් තරගාවලියකදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවා ගත් විදෙස් පන්දු යවන්නා ලෙසද වනිඳු හසරංග වාර්තා අතරට එක්වනවා.

ඊයේ තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 03 ක් දැවී ලබාගත් ළකුණු සංඛ්‍යාව 192 ක්.

ෆෆ් ඩු ප්ලෙසි නොදැවී 73 යි.

පිළිතුරු ඉණිම ක්‍රීඩාකල හයිද්‍රාබාද් කණ්ඩායමට පන්දුවාර 19 යි පන්දු 02 කදී සියල්ලන් දැවී ලබාගැනීමට හැකිවූයේ ළකුණු 125 යි.

Today’s Top Stories – Monday 25th September, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »