
ෆෙඩරල් මැතිවරණයට අදාළව ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතර ඊයේ පැවති විවාදයෙන්ද ඉදිරියෙන් සිටීමට ලේබර් පක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් සමත්ව තිබෙනවා.
මෙය අගමැති ස්කොට් මොරිසන් සහ විපක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් අතර පැවති දෙවන විවාදයයි.
එහිදී මීලග අගමැතිවරයා වීමට වඩාත් සුදුසුම කවුරුන්ද යන්න සිදු කෙරුණු විමසීමකදී 50,000 කට ආසන්න ප්‍රේක්ෂකයන් අතුරින් සියයට 49 ක් ඇල්බනීස්ට සහය පළකර ඇති අතර ස්කොට් මොරිසන්ට සහය දක්වා තිබුණේ සියයට 45 ක් පමණයි.

ආර්ථිකය පිළිබඳ වැඩි අවධානයක් මෙවර විවාදයේදීත් දක්නට ලැබීම විශේෂත්වයක්.
එමෙන්ම පොළී අනුපාත – සමාජ ආරක්ෂණ ක්‍රම සහ කාන්තා අයිතිවාසිකම් වැනි කරුණුවලදී අපේක්ෂකයන් දෙදෙනා අතර උණුසුම් වාද විවාද ඇතිවන ආකාරයක්ද දක්නට ලැබුණා.

සිය පාලන සමයේදී ඔස්ටේ්‍රලියාව ලොව ශක්තිමත්ම රටක් බවට පත් කල බව අගමැති මොරිසන් අවධාරණය කල අතර මේ වනවිට උද්ධමනය හා ඉන්ධන මිළ හමුවේ ජීවන වියදම ඉහළ ගොස් ඇතැයි විපක්ෂ නායක ඇල්බනීස් චෝදනා කර සිටියා.
ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම අවධාරණය කර සිටියේ තවත් රැකියා බිහිකර සේවක හිගය අවසන් කිරීමට පියවර ගන්නා බවයි.
COMMENTS