මහින්දගේ විශේෂ ප්‍රකාශය අද – ඉල්ලා අස්වන බවට ඉගි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද දිනයේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම අද පෙරවරුවේ අග්‍රාමාත්‍යවරයා හමුවීමට නියමිත අතර අනතුරුව මෙම ප්‍රකාශය සිදුකරනු ඇති බව සඳහන්.

දේශපාලන ආරංචි මාර්ග පසුගිය දින කිහිපයේදී වාර්තා කර තිබුණේ බොහෝදුරට මහින්ද රාජපක්ෂ අද දිනයේදී තනතුරෙන් ඉල්ලා අස්වනු ඇති බවයි.

සිය ධූරයෙන් ඉල්ලා අස්වීම පිළිබදව හෝ පවතින ආණ්ඩුවේ සිදුවීමට නියමිත වෙනස්කමක් සම්බන්ධ විශේෂ ප්‍රකාශයක් බොහෝවිට අද දිනයේදී හෝ ඉදිරි දින කිහිපය තුලදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් සිදුකිරීමට ඉඩ ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා පවසනවා.

පසුගියදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී නව ආණ්ඩුවක් පිහිටුවීමට විපක්ෂයට අවස්ථාව දිය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ප්‍රකාශ කර ඇති බැවින් ඒ සදහා පහසුතම ක්‍රමවේදය වන්නේ අග්‍රාමාත්‍යවරයා සිය ධූරයෙන් ඉල්ලා අස්වීම බවයි ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.

එවිට පවතින කැබිනට් මණ්ඩලයද අහෝසි වන බැවින් නව ආණ්ඩුවක් පහසුවෙන් ස්ථාපිත කිරීමේ හැකියාව පවතින බව නාලක ගොඩහේවා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සදහන් කලා.

මෙල්බන් ලාංකික දියණියක් ලෝක යොවුන් මේස පන්දු ශූරතා ඔස්ට්‍රේලියා කණ්ඩායමට

2023 ලෝක යොවුන් මේස පන්දු ශූරතාවය සඳහා ඔස්ට්‍රේලියාව නියෝජනය කිරීමට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සනායා බුද්ධදාස ක්‍රීඩිකාවටද අවස්ථාවක් ලැබී තිබෙනවා.

Read More »

මැලේසියාවේ දී ලාංකික 03 ක් ඝාතනය කළ බවට සැක ලාංකික 02 ක් භාරවෙයි

මැලේසියාවේ සෙන්තුල් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු එරට පොලීසියට භාර වී තිබේ.

Read More »