
අග්‍රාමාත්‍ය ධුරය භාරගෙන අන්තර්වාර පාලනයක් ඇති කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කළ ආරාධනය විපක්ෂනායක සජිත් ප්‍රේමදාස විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක කියා සිටියේ අන්තර්වාර පාලනයක් ඇති කරන්නේ නම් ඒ සදහා ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් ඉදිරිපත් කරන යෝජනාවලට යටත්ව ක්‍රියාකරන ආණ්ඩුවකට සහය දීමට පමණක් මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදි එකග වූ බවයි.
ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට කඩිනම් විසඳුම් ලබාදී, ආර්ථිකය ස්ථාවර කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ඉදිරිපත් කරන ලද යෝජනා මාලාව සම්බන්ධයෙන් ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය සහ නීතීඥ සංගමය අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෛනවා.

අදාළ යෝජනාවලිය පිළිබඳ එහිදී දීර්ඝව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි සමගි ජන බලවේගය සඳහන් කලේ.
රටේ දැනට උද්ගතව ඇති ආර්ථික සහ දේශපාලන අර්බුද විසඳීම සඳහා මෙම යෝජනාවලිය මත පදනම්ව ජාතික වැඩසටහනක් සඳහා සිය සහයෝගය ලබා දීමට ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය ඊයේ තීරණය කලා.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඇතුලු කරුණු රැසක් පදනම් කරගත් වැඩසටහනකට පමණක් සමගි ජන බලවේගයේ සහය හිමිවන බවයි තිස්ස අත්තනායක කියාසිටියේ.
COMMENTS