ක්වීන්ස්ලන්ඩ් Skilled වීසා 190 හා 491 අයදුම්පත් භාරගැනීම අවසන් – AusLanka TV – Australian News for the Sri Lankan community

ක්වීන්ස්ලන්ඩ් Skilled වීසා 190 හා 491 අයදුම්පත් භාරගැනීම අවසන්

ක්වීන්ස්ලන්ඩ් Skilled වීසා 190 හා 491 අයදුම්පත් භාරගැනීම අවසන්

2021-22 වසර සඳහා ක්වීන්ස්ලන්ඩ් Skilled වීසා වැඩසටහන යටතේ වීසා කාණ්ඩ 190 හා 491 සඳහා අයදුම්පත් භාරගැනීම අවසන් කර තිබෙනවා.

පසුගිය සිකුරාදා දිනයෙන් එය අවසන් කෙරුණු බවයි ප්‍රාන්ත සංක්‍රමණ දෙපාර්තමේන්තුව කියාසිටියේ.

කිසියම් අයුරකින් ඔබට ආරාධනා පත්‍රයක් (Invitation) ලැබී ඇත්නම් ඔබේ අයදුම්පත්‍රය සළකා බැලීම ඉදිරියේදී සිදුවනු ඇති.

ඒ සඳහා වන ගාස්තුව දින 14 ක් ඇතුළත ගෙවන ලෙසත් එසේ නොවුණහොත් ඔබේ අයදුම්පත සළකා නොබැලීමක් සිදුනොවන බව ක්වීන්ස්ලන්ඩ් සංක්‍රමණ දෙපාර්තමේන්තුව සඳහන් කලා.

ඔබට Invitation එකක් නොලැබුණි නම් 2022-23 වසර සඳහා නව EOI එකක් මීලග මූල්‍ය වර්ෂය සඳහා ඉදිරිපත් කල යුතුයි.

2021-22 වසර සඳහා Migration Queensland business program වෙනුවෙන් අයදුම්පත් භාරගැනීම තවදුරටත් සිදුවනවා.

COMMENTS