හෙට පාස්පෝට් ඔෆිස් යන්න ඉන්න අයට වැදගත් පණිවුඩයක් – AusLanka TV – Australian News for the Sri Lankan community

හෙට පාස්පෝට් ඔෆිස් යන්න ඉන්න අයට වැදගත් පණිවුඩයක්

හෙට පාස්පෝට් ඔෆිස් යන්න ඉන්න අයට වැදගත් පණිවුඩයක්

පරිගණක පද්ධතියේ හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අත්හිටුවා තිබූ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳුදා (9) සිට සාමාන්‍ය සේවය යටතේ යළි ආරම්භ කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

කෙසේවෙතත් එක්දින සේවය තවදුරටත් ක්‍රියාත්මක නොවන බවයි ඔවුන් සඳහන් කළේ.

සඳුදා දිනයේදී භාර ගැනීමට කටයුතු කරනු ලබන්නේ මැයි 5,6 සහ 9 යන දිනවලදී සාමාන්‍ය සේවය යටතේ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා වේලාවක් වෙන්කර ගත් සහ මැයි 5 දින සාමාන්‍ය සේවය යටතේ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා අයදුම්පත් භාර දීමට පැමිණ දෙපාර්තමේන්තුව වෙතින් අංකයක් හෝ මුද්‍රාවක් ලබාගත් අයදුම්කරුවන්ගේ අයදුම්පත් පමණයි.

එමෙන්ම මැයි 10 වන අඟහරුවාදා දින සිට ගමන් බලපත්‍ර අයදුම්පත් භාරදීම සඳහා දිනයක් හා වේලාවක් වෙන්කර ගෙන පැමිණීම අනිවාර්ය වනවා.

එක්දින සේවය යටතේ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා පරිගණක පද්ධතිය පිළිසකර කිරීමට දෙපාර්තමේන්තු තාක්ෂණික කාර්ය මණ්ඩලය මේවන විට යුහුසුළුව කටයුතු කරමින් සිටින අතර හැකි ඉක්මනින් එක්දින සේවය යටතේ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා කටයුතු යොදන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

COMMENTS