
සෑම විටම ජනතාව වෙනුවෙන් පෙනී සිටින තමා ඇතුලු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකට පාර්ලිමේන්තුව අසලදී අරගලකරුවන් පිරිසක් බාධා කිරීම පිළිබද කණගාටුවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පවසනවා.
තමා හා මනූෂ නානායක්කාර ඇතුලු මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණි අවස්ථාවේදි විරෝධතාකරුවන් පිරිසක් තම කණ්ඩායම ගමන්ගත් මෝටර් රථ අසලට රැසවී මාර්ගය අවහිර කරමින් බාධා කළ බවයි මන්ත්‍රීවරයා සිහිපත් කලේ.
ජනතාව වෙනුවෙන් නිරන්තරයෙන් හඩක් නගන තම පිරිසට එලෙස විරෝධය දැක්වීමට හේතු අවබෝධ නොවන බවයි හරීන් ප්‍රනාන්දු කියා සිටින්නේ.

මෙලෙස කටයුතු කරන්නේ නම් අරගලයේ ඉලක්කය කුමක්ද යන්න වටහා ගැනීම අසීරු වන බවද හරීන් ප්‍රනාන්දු පෙන්වාදෙනවා.
