
විපක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් යනු දුර්වල නායකයෙකු බවට අගමැති ස්කොට් මොරිසන් චෝදනා කරනවා.
පර්ත් නුවර පැවති ජන හමුවකදී අගමැතිවරයා කියාසිටියේ විපක්ෂ නායකයා සුදුසු වන්නේ ඉතා කුඩා පිරිසක් පාලනයට මිස රටක් පාලනයට නොවන බවයි.
ආර්ථිකය හෝ ආරක්ෂාව වැනි අතිශය සංවේදී කරුණු පාලනයට ඇන්තනී ඇල්බනීස්ට හැකියාවක් නැතැයිද ස්කොට් මොරිසන් මෙහිදී චෝදනා කලා.

මේ අතර අගමැතිවරයාගේ ප්‍රකාශය දැඩිව හෙළා දකින බව ලේබර් පක්ෂ මන්ත්‍රීනී Michelle Rowland පවසනවා.
ලිබරල් සන්ධානය යටතේ ඔස්ටේ්‍රලියාවේ ජීවන වියදම නොසිතූ විරූ ලෙස ඉහළ ගොස් ඇති බවයි ඇය පෙන්වා දෙන්නේ.
