ඊයේ ආසාධිතයන් : වික්ටෝරියා – 9,365 / NSW – 11,671

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 9,365 ක් හමුව ඇත.

මරණ 09 ක් ද වාර්තා විය​.

මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 60,310 කි.

ඊයේ දිනයේදී (06) වික්ටෝරියා ප්‍රාන්තය තුළ PCR කොරෝනා පරීක්ෂණ 16,587 ක් සිදුකර ඇත.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (06) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 11,671 ක් වාර්තා වි තිබේ.

දැනට 1481 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 54 දනෙකු දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී.

ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 19 ක් වාර්තා විය​.

මදුරුවන්ගෙන් බෝවන රෝගයකට ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් නව එන්නතක් සොයයි

මදුරුවන්ගෙන් බෝවන ජැපනීස් එන්සපලයිටීස් (Japanese encephalitis) වෛරසයට ප්‍රතික්‍රියා කිරීම සඳහා නව එන්නතක් අවශ්‍ය බව ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසක් පවසනවා.

Read More »

හිටපු ක්‍රිකට් ප්‍රවීණයාගේ නමට වෙන් වූ ක්‍රීඩාංගණයේ නම වෙනස් වෙයි

හිටපු ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර්ගේ නමින් නම් කර ඇති Michael Slater Oval ක්‍රීඩාංගනයෙන් එම නම ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

සමන්තා මර්ෆි සොයන්න ගිය පොලිසියට නොසිතූ දෙයක් හමුවෙයි

බැලරට් ප්‍රදේශයෙන් අතුරුදන් වූ සමන්තා මර්ෆි සොයා අද ආරම්භ වූ විමර්ශනයේදී බැලරට් නගරයට ආසන්න ප්‍රදේශයේ වේල්ලක් අසල තිබී දුරකථනයක් ලෙස සැක කෙරෙන උපකරණයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Read More »