
රජය පත් වූ විගස විශාල බදු සහන ලබා දීම නිවැරදි නොවන තීරණයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
බී බී සී ප්‍රවෘත්ති සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියාසිටියා.
රජය බලයට පත්වූ විගස අතිවිශාල බදු සහන ලබා දෙමින් ආදායම ගැන තැකීමක් නොකර තීරණ ගැනීම නිවැරදි තීරණයක්දැයි ඇසූ පැනයට පිළිතුරු ලබාදෙමින් ඔහු පැවසුවේ එය නිවැරදි නොවන තීරණයක් බවයි.

එය නිවැරදි තීරණයක් නොවන නමුත් එම අවස්ථාවේ දී දේශීය ව්‍යාපාර පිළිබඳ සිතා ගත් තීරණයක් බවද නාමල් රාජපක්ෂ මහතා කියාසිටියා.
ආර්ථික තීරණ ගැනීමට දේශපාලකයින්ට පුළුවන්කමක් නොමැති බව ද ඔහු මෙහිදී අවධාරණය කලා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම සහ රුපියල පා කිරීම සම්බන්ධයෙන් කරන ලද විමසීමට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.
ඇතැම් නිලධාරීන් වැරදි උපදෙස් දී ඇතැයි පිළිගැනීමට සිදුවන බවත් නාමල් රාජපක්ෂ සඳහන් කලා.
COMMENTS