වික්ටෝරියා අගමැතිගෙන් දූෂණ මර්දන නිළධාරීන් නැවත ප්‍රශ්න කරයි – AusLanka TV – Australian News for the Sri Lankan community

වික්ටෝරියා අගමැතිගෙන් දූෂණ මර්දන නිළධාරීන් නැවත ප්‍රශ්න කරයි

වික්ටෝරියා අගමැතිගෙන් දූෂණ මර්දන නිළධාරීන් නැවත ප්‍රශ්න කරයි

වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස්ගෙන් දූෂණ මර්දන විමර්ශන නිළධාරීන් විසින් නැවත වරක් ප්‍රශ්න කර තිබෙනවා.

මෙය ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගනු ලැබූ 02 වන අවස්ථාවයි.

ඉඩම් වංචා දූෂණ සම්බන්ධයෙන් ඉඩම් කොන්ත්‍රාත්කරුවෙකුට එරෙහිව විමර්ශනයක් සිදුවන අතර ඊට අදාළවයි වික්ටෝරියා අගමැතිවරයාගෙන් ප්‍රශ්න කර ඇත්තේ.

එම තැනැත්තා සහ ඩැනියල් ඇන්ඩෲස් අතර මිත්‍ර සබඳතාවයක් තිබී ඇති බවට වාර්තා පළවීම ඊට හේතුවයි.

මහජන දේපළ අවභාවිත චෝදනාවක් පිළිබඳවද වික්ටෝරියා අගමැතිවරයාගෙන් පසුගිය සතියේදී ප්‍රශ්න කර ඇතැයි ද ඔස්ටේ්‍රලියන් පුවත්පත වාර්තා කරනවා.

කෙසේවෙතත් අගමැතිවරයා විසින් ඒ පිළිබඳ කිසිදු තහවුරු කිරීමක් මේ දක්වා සිදුකර නැහැ.

COMMENTS