කතානායක නිවාස අඩස්සියේ තබා ගන්න යයි? – AusLanka TV – Australian News for the Sri Lankan community

කතානායක නිවාස අඩස්සියේ තබා ගන්න යයි?

කතානායක නිවාස අඩස්සියේ තබා ගන්න යයි?

පාර්ලිමේන්තු රැස්වීම ලබන 17 වනදා තෙක් අත්හිටුවීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කලා.

ඒ සභාවේ හටගත් නොසන්සුන් තත්වය හමුවේ විනාඩි 10 කට අත්හිටුවන ලද සභාවේ කටයුතු නැවත ආරම්භ කිරීමෙන් පසු විශේෂ ප්‍රකාශයක් කරමිනුයි.

පාර්ලිමේන්තු පිවිසුම අසල විරෝධතාවයේ නිරතවන අරගල කරුවන්ට පොලිසිය විසින් අමානුෂික ලෙස පහර දීමට එරෙහිව පියවරක් ගැනීමට කතානායක වරයා වහා මුලසුනට ගෙන්වන්නැයි ඉල්ලමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් දැඩි විරෝධය පළකිරීම හේතුවෙනුයි සභාවේ කටයුතු විනාඩි දහයකට අත්හිටුවීමට මුලසුනේ සිටි මන්ත්‍රී හේශා විතානගේ කටයුතු කලේ.

රටේ ප්‍රශ්න වලට විසඳුම් දීමට ක්‍රියා නොකළහොත් කතානායකවරයා නිවාස අඩස්සියේ තබා ගැනීමට සිදුවන බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී කියාසිටියා.

පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තැබීමෙන් පසු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ කථානායක කාමරයට ගොස් කථානායකබ මහින්ද යාපා අබේවර්ධන සමග උණුසුම් අදහස් හුවමාරුවකද නිරත වුණා.

රජයට එරෙහිව භාරදුන් විශ්වාසභංග යෝජනාවද වහාම විවාදයට ගත යුතුව ඇතැයි විපක්ෂ මන්ත්‍රීවරුන් එහිදී අවධාරණය කලා.

අනතුරුව සභාව නැවත රැස්වූ අතර එහිදී කථානායකවරයා දන්වා සිටියේ පාර්ලිමේන්තු වටරවුම අසළ විරෝධතාකරුවන්ට කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැඳවා ඇති බවයි.

COMMENTS