
ඉදිරි දින කිහිපයේදී ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශවලට ධාරාණිපාත වැසි ඇද හැලිය හැකි බවට අනාවැකි පළවනවා.
වැසි සමග ජල ගැලීම් තත්වයක්ද ඇතිවිය හැකි බවටයි කාළගුණ අනාවැකියේ දක්වා ඇත්තේ.
කාළගුණ අනාවැකි පිළිබඳ නිරතුරුව විමසිලිමත්වන ලෙසටයි ප්‍රාන්ත අගමැතිනී Annastacia Palaszczuk ප්‍රාන්තවාසීන්ට දන්වා සිටින්නේ.

La Nina කාළගුණ තත්වය හමුවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට මෙම වසර ආරම්භයේ සිටම විවිධ කාළගුණ විපර්යාස බලපා ඇති ආකාරයක් දැකගත හැකියි.
