තමා පසුබෑමකට ලක්ව නැතැයි ලේබර් නායක ඇල්බනීස් කියයි – AusLanka TV – Australian News for the Sri Lankan community

තමා පසුබෑමකට ලක්ව නැතැයි ලේබර් නායක ඇල්බනීස් කියයි

තමා පසුබෑමකට ලක්ව නැතැයි ලේබර් නායක ඇල්බනීස් කියයි

තමා මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේදී කිසිදු අයුරකින් පසුබෑමකට ලක්වී නැතැයි ලේබර් පක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් පවසනවා.

මාධ්‍ය හමු ඇතුලු අවස්ථා කිහිපයකදී සිදුවූ අතපසුවීම් පිළිබඳ පැහැදිලි කරමින් ඔහු මේ බව කියාසිටියා.

ජාතික ආබාධ රක්ෂණ ක්‍රමය සම්බන්ධයෙන් පැහැදිලි කරන්නැයි ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදිනියක විසින් විපක්ෂ නායකවරයාගෙන් අවස්ථා 07 කදී ඉල්ලා තිබුණා.

එහිදී ඔහු විසින් සෘජු පිළිතුරු නොදීම මේ වනවිට දැඩි ආන්දෝලනාත්මක තත්වයක් බවට පත්වී තිබෙනවා.

ෆෙඩරල් මැතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ වූ පළමු දිනයේදීම ඔස්ටේ්‍රලියාවේ පොළී අනුපාත නිවැරදිව නම් කිරීමට නොහැකිවීම පිළිබඳවද විපක්ෂ නායකවරයා දැඩි පසුබෑමක් ලබා තිබුණා.

කෙසේවෙතත් ඔහුගේ මැතිවරණ ප්‍රචාරණ අංශය නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ විපක්ෂ නායකයා ඇතැම් කරුණු පිළිබඳ දැනුවත් නැතැයි පළවන මත බැහැර කරන බවයි.

COMMENTS