Search

ශ්‍රී ලංකාවේ හර්තාලය ඇරඹේ

වත්මන් ආණ්ඩුවට විරෝධය පළකරමින් සමස්ථ රාජ්‍ය සේවය සහ පෞද්ගලික අංශය මැදිහත් වීමෙන් දීපව්‍යාප්ත හර්තාල් ව්‍යාපාරයක් අද දිනයේදී ක්‍රියාත්මක වනවා.

වෘත්තීය සමිති 1000 කගේ පමණ මැදිහත්වීමෙන් මෙම හර්තාල් ව්‍යාපාරය ක්‍රියාත්මක අතර තවත් වෘත්තීය සමිති කිහිපයක් ඊට එක්නොවන බව මීට පෙර දැනුම් දුන්නා.

ඒ අනුව මෙම හර්තාල් ව්‍යාපාරය හේතුවෙන් අද දිනයේදී ප්‍රවාහන / විදුළිය / සෞඛ්‍ය / ඛණිජ තෙල් සහ වරාය ඇතුලු අංශ රැසක දෛනික කටයුතු අඩපණ වනු ඇති.

හර්තාල් ව්‍යාපාරය පවත්වන කාලය තුළදී වෙළෙඳ ව්‍යාපාර ආදිය විවෘත නොකරන ලෙසට බලපෑම් කරමින් සිටින බවට අනාවරණය වී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

හර්තාල් ව්‍යාපාරවලට සම්බන්ධ වීමට අකමැති කණ්ඩායම්වලට තර්ජනය කරමින් ඒ සඳහා එකතුවන ලෙස පවසන පුද්ගලයන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුතු කරන බව පොලීසිය වැඩිදුරටත් නිවේදනය කරනවා.

වික්ටෝරියාවේ දිය ඇල්ලක් අසල Graffiti ඇඳි පිරිස සොයා පොලිස් විමර්ශන

වික්ටෝරියාවේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථනයක් වන Paradise ඇල්ලේ ගල් බිත්තියක් මත කිසියම් පිරිසක් විසින් නීති විරෝධී ලෙස Graffiti ඇඳ තිබෙනවා. Paradise ඇල්ල සංචාරකයින් අතර වඩාත්

Read More »

වික්ටෝරියාවේ අධික වේගයෙන් රිය පදවන අය සොයයි

අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථ රියදුරන් සෙවීමට වික්ටෝරියා පොලිසිය ජාතික මාර්ග ආරක්ෂණ සතිය [National Road Safety Week] නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »