වසර 02 කදී සංක්‍රමණිකයන් ලක්ෂ 05 ක් ඔස්ටේ්‍රලියාව හැර යයි

POPULATION

කොවිඩ් වසංගතය හමුවේ ඔස්ටේ්‍රලියාව අතහැර ගිය සංක්‍රමණිකයන් සංඛ්‍යාව ලක්ෂ 05 ක් පමණ වන බව අනාවරණය වනවා.

මෙම වසරේ ජනවාරි මාසයේදී ඔස්ටේ්‍රලියාව තුළ සිටි සංක්‍රමණිකයන් සංඛ්‍යාව ලක්ෂ 15 ක් වන නමුත් 2019 වසරේ දී එම සංඛ්‍යාව ලක්ෂ 20 ක් පමණ වුණා.

මෙලෙස ඔස්ටේ්‍රලියාවෙන් බැහැරට ගොස් ඇති පිරිසෙන් අති බහුතරය ශිෂ්‍ය වීසා මත සිටි පුද්ගලයන් සහ working holiday වීසා මත සිටි අය බව සඳහන්.

වර්තමානයේ ඔස්ටේ්‍රලියාව තුළ සිටින ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව 335,000 ක් පමණ වන අතර එය 2019 වසර හා සැසඳීමේදී සියයට 50 ක පමණ අඩුවක් වනවා.

working holiday වීසා ලාභීන් 19,000 ක් පමණ දැනට මෙරට සිටින අතර එය වසර 02 කට පෙර සිටි එම වීසා ලාභීන් සංඛ්‍යාව හා සැළකීමේදී සියයට 85 කින් පමණ පහළයාමක්.

temporary skilled වීසා මත සිටි පුද්ගලයන් ගණන සියයට 20 කින් පමණ අඩු වී ඇති නමුත් එම වීසා මත සිටි නවසීලන්ත ජාතිකයන් 660,000 ක් පමණ කොවිඩ් වසංගත කාලය පුරාම ඔස්ටේ්‍රලියාවේ රැඳී සිටීම විශේෂත්වයක්.

ඔස්ටේ්‍රලියාව තුළ ක්ෂේත්‍ර රැසක දැනට උද්ගතව ඇති සේවක හිගයට ප්‍රධාන හේතුව වී ඇත්තේ පුහුණු ශ්‍රමිකයන් සැළකිය යුතු පිරිසක් වෙනත් රටවලට යොමුවීම බවද අනාවරණ වී තිබෙනවා.

Today’s Top Stories 2024.04.25

ඇන්සාක් ඩේ සැමරුමට දහස් ගණනක් එක්වෙයි – පෙළපාලිවලට ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කරයි පර්ත් ආසන්න මුහුදේ දිය නාන අයට අනතුරු ඇඟවීමක් ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂා නම් කෙරේ වික්ටෝරියා කාන්තාවන්ගෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක්

Read More »

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »