
ඔස්ටේ්‍රලියාවේ ප්‍රධාන නගරවල ජනගහනය සැළකිය යුතු අගයකින් අඩුවී ඇති අතර එය දරුණුවටම බලපා ඇත්තේ මෙල්බන් නගරයට බව නවතම වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා.
2020-21 මූල්‍ය වර්ෂයේදී මෙල්බන් නගරයේ ජනගහණය 60,500 කින් අඩුවී ඇති අතර ජනගහනය වැඩියෙන්ම ඉහළ ගිය නගරය බවට බ්‍රිස්බන් පත්වී තිබෙනවා.
අදාළ කාලසීමාවේදී බ්‍රිස්බන් නුවර ජනගහනය 21,900 වැඩිවී ඇති බවයි ඔස්ටේ්‍රලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය වාර්තා කරන්නේ.

ශුද්ධ විදෙස් සංක්‍රමණ, දේශීය සංක්‍රමණ සහ ස්වභාවිකව ජනගහනය ඉහළ යාම යන සාධක තුන මත මෙම ගණනය කිරීම් සිදුකර තිබෙනවා.
එහිදී විදෙස් සංක්‍රමණ 84,700 කින් අඩුවී ඇති බවත් දේශීය සංක්‍රමණ 49,200 කින් අඩුවී ඇති බවත් ස්වභාවිකව ජනගහනය ඉහළ යාම 107,900 කින් සිදුවී ඇති බවත් සඳහන්.

කෙසේවෙතත් ප්‍රාදේශීය කලාපවල ජනගහන වර්ධනය සියයට 0.9 කින් එනම් 70,900 කින් ඉහළ ගොස් තිබීම සුවිශේෂී ලක්ෂණයක්.
වික්ටෝරියා ප්‍රාන්තයේ විශාලතම ජනගහන වර්ධනයක් ඇති ප්‍රදේශ ලෙස පහත ප්‍රදේශ දැක්වේ.
- Cranbourne East (up by 5,000 people) in Melbourne’s outer south-east
- Mickleham – Yuroke (4,100) in Melbourne’s outer north
- Rockbank – Mount Cottrell (3,900) in Melbourne’s outer west
The areas with the highest growth rates were:
- Rockbank – Mount Cottrell (34%)
- Mickleham – Yuroke (28%)
- Wollert (18%) in Melbourne’s outer north